#Hirunews #HiruMedia #Srilanka #HiruSinhalaNews #LKA
Hiru News
@hirunewsජාත්‍යන්තර ප්‍රමිතිගත ප්‍රවෘත්තිකරණයේ ප්‍රමුඛතම ශ්‍රී ලාංකේය සන්නාමය
🔗 https://www.hirunews.lk ↗🔎 Détails (profil + refresh) ouvrir
#Hirunews #HiruMedia #Srilanka #HiruSinhalaNews #LKA
#Hirunews #HiruMedia #Srilanka #HiruSinhalaNews #LKA
#Hirunews #HiruMedia #Srilanka #HiruSinhalaNews #LKA
#Hirunews #HiruMedia #Srilanka #HiruSinhalaNews #LKA
Texte → vidéo TikTok IA
Tu écris le prompt, on génère la vidéo.
ඉරානය සමග දිගටම වෙළෙඳාම් කරන රටවලට අතිරේක තීරු බදු පැනවිය හැකි බව පවසමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයකට අත්සන් තබා තිබෙනවා. මෙම නියෝගය මගින් පනවනු ලබන නිශ්චිත බදු ප්‍රතිශතයක් දක්වා නැතත්, උදාහරණයක් ලෙස සියයට 25ක ප්‍රමාණයක් භාවිත කරනවා. ඉරානයෙන් සෘජුව හෝ වක්‍රව භාණ්ඩ හෝ සේවා මිලදී ගන්නා, ආනයනය කරන හෝ වෙනත් ආකාරයකින් ලබා ගන්නා ඕනෑම රටකින් අමෙරිකාවට ආනයනය කරන භාණ්ඩ සඳහා මෙය අදාළ වන බව එහි සඳහන්. ට්‍රම්ප් මෙම නියෝගය පිළිබඳව සෘජුවම අදහස් දක්වා නැති නමුත්, ඊයේ රාත්‍රියේ 'එයාර් ෆෝස් වන්' (Air Force One) යානයේ සිට අදහස් දක්වමින් ඉරානයට "න්‍යෂ්ටික අවි ලබා ගැනීමට ඉඩ නොදෙන" බව යළිත් අවධාරණය කර තිබෙනවා. මෙම පියවර ගෙන ඇත්තේ දෙපාර්ශවය අතර සති කිහිපයක තර්ජනවලින් පසුව, ඕමානයේදී අමෙරිකානු සහ ඉරාන ඉහළ නිලධාරීන් අතර සාකච්ඡා පැවැත්වෙන මධ්‍යයේයි. ට්‍රම්ප් මෙම වසර මුලදී 'Truth Social' වෙබ් අඩවියේ තැබූ සටහනකද ඉරානය සමග ගනුදෙනු කරන රටවලට සියයට 25ක බද්දක් පනවන බවට තර්ජනය කර තිබුණා. ජනවාරි 12 වැනිදා ඔහු සඳහන් කළේ, "වහාම ක්‍රියාත්මක වන පරිදි, ඉරාන ඉස්ලාමීය ජනරජය සමග ව්‍යාපාර කරන ඕනෑම රටක් අමෙරිකා එක්සත් ජනපදය සමග සිදුකරන සියලුම ව්‍යාපාර සඳහා සියයට 25%ක බද්දක් ගෙවිය යුතුය." යනුවෙන්. ධවල මන්දිරය ප්‍රකාශ කළේ මෙම නවතම විධායක නියෝගය මගින් ඉරානය සම්බන්ධයෙන් පවතින "ජාතික හදිසි තත්ත්වය" යළි තහවුරු කරන බවයි. #Hirunews #DonaldTrump #iran
පාර්ලිමේන්තු සභා ගැබේ මන්ත්‍රීවරියන්ට සිදුවන වාචික හිංසනය පිටුදැකීම සඳහා නීති සංශෝධනයට යෝජනා පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිදු කරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයය විසින් පසුගියදා (05) කතානායකවරයා වෙත ඉල්ලීමක් භාරදී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සහ "ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි දින 16 ක්‍රියාකාරිත්වයේ" කොටසක් ලෙස වාර්ෂික "තැඹිලි පැහැ දිනය" වැනි සංකේතාත්මක වැඩසටහන් සංසදය විසින් සිදු කර ඇතත්, ඒවා සභා ගර්භයේ ක්‍රියාකාරිත්වය තුළින් හරයාත්මක ලෙස අර්ථ ගැන්වීමට නොහැකි වී ඇති බව තම නිරීක්ෂණය බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති සහ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් ඇතුළු සංසදයේ සාමාජිකාවන්ගේ අත්සනින් ඉදිරිපත් කොට ඇති මෙම ඉල්ලීම තුළ සඳහන්. විශේෂයෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ඉලක්ක කර වාචික හිංසනය ක්‍රියාත්මක කිරීමේ ප්‍රවණතාවක් මෑත කාලයේ නිරීක්ෂණය වී ඇති හෙයින් මෙම ප්‍රකාශවල පවතින අභියෝගය හුදෙක් පුද්ගලයන් ඉලක්ක කරගත් එකක් නොව, ජනතාවගේ ස්වාධිපත්‍ය බලයටද, කාන්තාවන්ට තම අදහස් ප්‍රකාශ කිරීමට සහ දේශපාලනයට සම්බන්ධ වීමට ඇති අයිතියටද එරෙහි අභියෝගයක් බව එම සංසදය අවධාරණය කරනවා. සමස්තයක් වශයෙන් සමාජය තුළ දේශපාලනයෙහි කාන්තාවන්ගේ ක්‍රියාකාරී සහභාගීත්වයටද මෙමගින් ඍණාත්මක පූර්වාදර්ශයක් සැපයන බවද එහි වැඩිදුරටත් සඳහන්. එනිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් යන දෙපාර්ශ්වයම විසින් සිදු කරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ සිදු නොකළ කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ යෝජනා කරන අතර එය ස්ථාවර නියෝග යටතේ වන "පාර්ලිමේන්තුව තුළ විනය" කොටස හරහා ක්‍රියාත්මක කළ හැකි බවද යෝජනාවේ සඳහන් වෙනවා. ඒ අනුව, උක්ත කරුණු සලකා බලා ඒ පිළිබඳ සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට හැකි වන පරිදි නව ස්ථාවර නියෝගයක් අන්තර්ගත කිරීමෙන් ස්ථාවර නියෝග සංශෝධනය කරන ලෙසට මන්ත්‍රීවරියන්ගේ සංසදය කතානායකවරයාගෙන් ඉල්ලා සිටිනවා. #Hirunews #ParliamentofSriLanka
අවසන් මහා තරගයේදී එංගලන්තයට එරෙහිව ලකුණු 100ක දැවැන්ත ජයග්‍රහණයක් ලබාගත් ඉන්දියාව, වාර්තාගත හයවන වරටත් අයි.සී.සී (ICC) 19න් පහළ ලෝක ශූරතාව දිනා ගැනීමට සමත් වුණා. එහිදී යොවුන් සුපිරි ක්‍රීඩක වෛභාව් සූර්යවංශි පන්දු 80කින් ලකුණු 175ක් රැස් කරමින් අතිවිශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළා. 14 හැවිරිදි මෙම ක්‍රීඩකයා, හතරේ පහර 15ක් සහ හයේ පහර 15ක් සමගින් එංගලන්ත පන්දු යැවීමේ බලඇණිය මුළුමනින්ම අඩපණ කිරීමට සමත් වුණා. තම අර්ධ ශතකය සම්පූර්ණ කිරීමෙන් පසු සිය ඉනිම වේගවත් කළ සූර්යවංශි, අවසාන පන්දු 56 තුළ ලකුණු 151ක් රැස් කළා. ඉන්දියාව කඩුලු 3කට ලකුණු 251ක් ලබා සිටියදී ඔහු මැනී ලම්ස්ඩන්ගේ පන්දුවකට දැවී ගියා. ඉන් අනතුරුව ඉන්දියාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 411ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීමට සමත් වුණා. මෙය 19න් පහළ ලෝක කුසලාන අවසන් මහා තරගයකදී වාර්තා වූ වැඩිම ලකුණු සංඛ්‍යාවන්ගෙන් එකක්. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම ද සාර්ථක සටනක නිරත වූවා. ආරම්භක පිතිකරු බෙන් ඩෝකින්ස් ලකුණු 66ක් ලබා ගත් අතර, කාලෙබ් ෆැල්කනර් පන්දු 67කින් වේගවත් ලකුණු 115ක් රැස් කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රාහී බලාපොරොත්තු තබා ගැනීමට උත්සාහ කළා. කෙසේ වෙතත්, පන්දුවාර 40.2කදී එංගලන්තයේ අවසන් කඩුල්ල ලෙස ෆැල්කනර් ලකුණු 311 දී දැවී යාමත් සමග ඉන්දියාවේ විශිෂ්ට ජයග්‍රහණය තහවුරු වූවා. තරගාවලිය පුරා ඉනිම 7කදී 62.71ක සාමාන්‍යයක් සහිතව ලකුණු 439ක් ලබාගත් සූර්යවංශි, තරගයේ වීරයා (Player of the Match) සහ තරගාවලියේ වීරයා (Player of the Tournament) යන සම්මාන දෙකම දිනා ගත්තා. ලෝක ක්‍රිකට් පිටියේ ඉදිරියට එන මෙම වමත් ආරම්භක පිතිකරුවා, මීට පෙර IPL ඉතිහාසයේ ලාබාලතම ශතක ලාභියා සහ යොවුන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වේගවත්ම ශතකයක් වාර්තා කළ ක්‍රීඩකයෙකු ද වූවා. ඉන්දියාව ලැබූ මෙම ආධිපත්‍යය සහිත ජයග්‍රහණය හරහා 19න් පහළ ලෝක කුසලාන ඉතිහාසයේ වඩාත්ම සාර්ථක කණ්ඩායම ලෙස ඔවුන් සතු කීර්තිනාමය තවදුරටත් තහවුරු වුණා. #Hirunews #cricket #india #VaibhavSuryavanshi
ඌව පළාතේත් මාතලේ, නුවරඑලිය, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් අද (07) විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකියි. සෙසු ප්‍රදේශ වල ප. ව. 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවටයි සඳහන් වෙන්නේ. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශ වලත් උතුරු, උතුරු - මැද සහ වයඹ පළාත්වලත් මාතලේ, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) දක්වා වන තරමක් තද සුළං ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. #Hirunews #rainydays #WeatherAlert
#HiruMedia #Hirunews #Srilanka #HiruSinhalaNews #TruthAtAllCosts #LKA
#Hirunews #HiruMedia #Srilanka #HiruSinhalaNews #LKA
Sous-titres IA en 1 clic
Vidéo importée → version prête à poster.
#Hirunews #HiruMedia #Srilanka #HiruSinhalaNews #LKA
#Hirunews #HiruMedia #Srilanka #HiruSinhalaNews #LKA
දසවෙනි T-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට (07) ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන් ආරම්භ වීමට නියමිතයි. තරගාවලිය ආරම්භ කරමින් හෙට උදෑසන පාකිස්ථානය සහ නෙදර්ලන්තය කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී තරග වැදීමට නියමිත අතර, ඒ අනුව එම තරගය නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා දී ඇති බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා. හෙට උදෑසන 11.00ට ආරම්භ කෙරෙන තරගය සඳහා උදෑසන 9.30 සිට නොමිලේ නැරඹුම් ප්‍රදේශවලට පිවිසිය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. ඊට අමතරව කොළඹ ආර්.ප්‍රේමදාස සහ මහනුවර පල්ලෙකැලේ යන ක්‍රිකට් ක්‍රීඩාංගණවල ලෝක කුසලාන තරග 20 ක් පමණ පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. ශ්‍රී ලංකාවට අමතරව ඔස්ට්‍රේලියාව, සිම්බාබ්වේ, අයර්ලන්තය, ඕමානය සහ පාකිස්තානය මූලික වටයේ සියළුම තරග ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා කරනු ඇති. එමෙන්ම හෙට පස්වරුවේ ඉන්දියාවේදීද තවත් තරග දෙකක් පැවැත්වෙන අතර, කොල්කටා හිදී ස්කොට්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්වන්ද, මුම්බායි හිදී ඉන්දියාව සහ ඇමෙරිකානු එක්සත් ජනපදයද තරග වැදීමට නියමිතයි. #Hirunews #HiruNewsSinhala #TruthAtAllCosts #news #latestnews
#Hirunews #HiruMedia #Srilanka #HiruSinhalaNews #LKA
- Je compte uniquement les vidéos ≥ 60 secondes (tu m’as dit que <60s = pas pris en compte).
- Calcul sur les 30 derniers jours (dans la limite des 35 dernières vidéos qu’on a dans le JSON).
- RPM estimé : 1.11€/1k vues (range 0.77–1.44) basé sur ER + save rate + durée moyenne.
- Résultat: 7€ sur 30j (range 49€–91€), pour 63.39K vues éligibles et 4 vidéos ≥60s.
- Emoji + note /10 = performance globale de la vidéo (views + ER + saves).
- ER = (Likes + Commentaires + Partages) / Vues • Save rate = Sauvegardes / Vues.
- Badges “Au-dessus / En dessous” = comparaison directe à la moyenne de TON compte.
Importe ta vidéo, et Vexub génère une vidéo sous-titrée prête pour TikTok, Reels ou Shorts. Pas de montage, pas de prise de tête.
- Reconnaissance vocale IA → texte propre
- Sous-titres syncro automatiquement sur la vidéo
- Format vertical optimisé pour les vues